පානදුර – හොරණ මාර්ගයේ කුරුස හංදියේදී කැන්ටර් වර්ගයේ ලොරි රථයක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් ඇතුළු වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (20) සවස් කාලයේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බණ්ඩාරගම දෙස සිට පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථයක් මාර්ගයේ ඇති වාහන පසුකර යෑමට උත්සාහ කිරීමේදී දකුණු දෙසට ඇදී ගොස් ජීප් රථයෙහි ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් මාර්ගය අවහිර වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.


