― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2025 – GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 – GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල අද (20) දින නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598ක්.

පෞද්ගලික අයදුම්කරුවන් 637 දෙනෙකු ද ඊට ඇතුළත්.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669 කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම විභාගය සඳහා මෙවර සිසුන් 147,407 දෙනෙකු පෙනී සිටියා.

අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතී නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දෙනවා.

ක්ෂණික ඇමතුම් අංකය: 1911

දුරකථන අංක: 011284208 / 0112784537 / 0112785922

ෆැක්ස් අංකය: 0112784422