අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම නව තීරුබද්ද ඉදිරි දින 30ක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිවලට පටහැනි ලෙස කැනඩාව ක්‍රියා කර ඇති බව පෙන්වා දෙමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
විශේෂයෙන්ම අමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ මධ්‍යසාර පාන සඳහා කැනඩාව බදු පැනවීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස ජනාධිපති ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
අමෙරිකාව පවසන්නේ, කැනඩාවෙන් අමෙරිකාවට අපනයනය කරන පාරිභෝගික භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ රැසක් මෙම නව තීරුබදු ක්‍රියාමාර්ගයට යටත් වන බවයි.


