― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකපිල චන්්‍ද්‍රසේනගේ බිරිය අල්ලන්න නිලධාරීන් ඔස්ට්‍රේලියාවට

කපිල චන්්‍ද්‍රසේනගේ බිරිය අල්ලන්න නිලධාරීන් ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවදුරටත් පුළුල් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙම විමර්ශනයට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියන්කා නියෝමාලි විජේනායක සහ තෙවැනි සැකකරු ලෙස නම් කර ඇති ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා ඉදිරි නීතිමය පියවර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව වාර්තා වේ.

අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන විමර්ශනවල කොටසක් ලෙස මෙම නිලධාරීන්ගේ සංචාරය සංවිධානය කර ඇති අතර, පසුගියදා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ සැකකරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි. එමෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තුවක් නිකුත් කර ඇති බව සඳහන් වේ.

අල්ලස් මුදල් ප්‍රේෂණය වී ඇතැයි සැලකෙන බැංකු ගිණුමක හිමිකරු ලෙස හඳුනාගෙන ඇති ඩබ්ලිව්. ඩී. නිමල් පෙරේරා මහතා මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි. එසේම දෙවැනි සැකකාරියගේ නමින් පවතින බව කියන බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා එරට අධිකරණ නියෝග ද ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නඩුවේ පළමු සැකකරු වූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා අභිරහස් ලෙස මියගොස් ඇති අතර, එම මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය ද කොටුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. දෙවැනි සහ තෙවැනි සැකකරුවන්ට එරෙහි නඩු මේ වන විට කොටුව සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කර ඇති බව ද වාර්තා වේ.