― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුර ගමන් සේවාවට ලංගමයට නවීන AC බස් 600ක්

දුර ගමන් සේවාවට ලංගමයට නවීන AC බස් 600ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) නගරාන්තර සහ දුරගමන් මගී සේවා වඩාත් සුවපහසු හා නවීන කිරීමේ අරමුණින් වායුසමීකරණය කළ නව Deluxe බස්රථ 600ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

රජයේ ආයෝජන වැඩසටහන යටතේ මුලින් ආසන 49 සිට 54 දක්වා ධාරිතාවයකින් යුත් Standard මාදිලියේ බස්රථ 600ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 14,400ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

කෙසේ වෙතත්, මාර්ග ආරක්ෂණ සැලැස්ම 2025–2026 අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වඩාත් සුදුසු අවම පිරිවිතර සකස් කිරීමෙන් පසු, එම සේවාවන් සඳහා වායුසමීකරණය කළ Deluxe මාදිලියේ බස්රථ යොදවා ගැනීම සුදුසු බවට තීරණය වී ඇත.

ඒ අනුව, මුල් වෙන්කළ මුදලට අමතරව තවත් රුපියල් මිලියන 7,200ක් අවශ්‍ය වන අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 21,600ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හේතුවෙන් ව්‍යාපෘතියට යම් කාලයක් ගත වුවද එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවයි. 2026 වසරේ අත්තිකාරම් ගෙවීම් සඳහා රුපියල් මිලියන 5,400ක් සහ අමතර අත්තිකාරම් සඳහා තවත් රුපියල් මිලියන 1,800ක් අවශ්‍ය වන අතර, 2027/2028 කාලය සඳහාද රුපියල් මිලියන 5,400ක අතිරේක ප්‍රතිපාදන අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම, දැනට සේවයේ පවතින පැරණි බස්රථ වෙනුවට නව බස්රථ එක් කිරීමත්, අලුත්වැඩියා කළ හැකි බස්රථ නවීකරණය කිරීමත් සමග මගීන්ට වඩාත් ගුණාත්මක හා සුවපහසු ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.