― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට

නල්ලතන්නිය සිට මස්කෙළිය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නල්ලතන්නිය–මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පාසල් සිසුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේය.

අද (22) පෙරවරු 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ වැඩිහිටි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ පුද්ගලයින් පස්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.