― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

2008 වසරේ කොළඹ සහ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට වන සිද්ධියට අදාළ නඩුවේ, සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර සහ අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මීට පෙර අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව ඔහු අධිකරණය වෙත පැමිණි අතර, ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මුදා හැරීමට නියෝග කළේය.

එමෙන්ම, අදාළ නඩුවේ මීළඟ විභාගය සඳහා දෙසැම්බර් 09 වනදා නඩුව යළි කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.