නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති බවට සැක කෙරෙන නවීන ස්මාර්ට් ජංගම දුරකථන විශාල තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක බිම් මහලේ ගබඩාවකින් සොයාගෙන තිබේ.
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන වැටලීම අතරතුර එම දුරකථන තොගය සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වැටලීමේදී අයිෆෝන් ඇතුළු නවීන ස්මාර්ට් ජංගම දුරකථන 300කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව සඳහන් වේ.
මෙම වැටලීම සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.


