― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොව ප්‍රබලතම බැලැස්ටික් මිසයිලය රුසියාව අත්හදා බලයි

ලොව ප්‍රබලතම බැලැස්ටික් මිසයිලය රුසියාව අත්හදා බලයි

ලොව මෙතෙක් නිෂ්පාදනය කළ ප්‍රබලතම බැලැස්ටික් මිසයිලයක් රුසියාව අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය RS-28 Sarmat  බැලැස්ටික් මිසයිලය ලෙස නම්කර ඇති අතර රුසියාව නව RS-28 Sarmat  අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.

ලොව මෙතෙක් ඇති කිසිඳු මිසයිල නාශක පද්ධතියකට හසු නොවී ගමන් කිරීමේ හැකියාව නව මිසයිලය සතුව පවතියි. මෙම බැලැස්ටික් මිසයිලය අත්හදා බලා තිබෙන්නේ එරට උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටයි.

එම මිසයිලය රට වටා පියාසර කර රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථානයකදී පුපුරායාම සඳහා කටයුතු කළ බව රුසියා ආරක්ෂක අංශ සඳහන් කරයි.