පාප්වහන්සේ බැහැදකින්න කාදිනල් හිමි වතිකානුවට

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා අද (22) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී පාප් වහන්සේ කළ විශේෂ ආරාධනයකට අනුව ඔවුන් මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව අද අළුයම 3ට පමණ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් වතිකානය බලා පිටත් ගොස් ඇති අතර මෙම සංචාරය සඳහා 60කට අධික පිරිසක් එක්වී තිබේ.

ඉන් අනතුරුව අද උදෑසන 7.30 පමණ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ වින්දිතයින් පිරිසක් වතිකානය බලා පිටත්ව යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.