― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනුරගේ චෝදනාවට කබ්රාල්ගෙන් පිළිතුරු

අනුරගේ චෝදනාවට කබ්රාල්ගෙන් පිළිතුරු

ඊයේ (03) වත්මන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් මාධ්‍යයට අනාවරණය කරණු ලැබුවා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ටත් චෝදනාවක් එල්ල කරනු ලැබීය.

එම චෝදනාව වන්නේ නිසි අනුමැතියකින් තොරව එක්සත් ජනපද සී.අයි.ඒ නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවයි.

කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවය. ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් මෙම ගෙවීම සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට කබ්රාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.