තීරුබදු රහිත සිගරට් තොගයක් මෙරටට ගෙන්වා අලෙවි කළ බව කියන පුද්ගලයෙක් සහ සිගරට් තොගයක් මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ හිරිනුගේකන්ද ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී සිගරට් තොගයක් ඇති බවට මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් ඊයේ (04) මෙම නිවස වටලා සිගරට් තොගය සහ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
එම වැටලීමේදී සිගරට් 1060ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 50000ක් පමණ වන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මිනුවන්ගොඩ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ සූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මධුරංග, විජේසූරිය, කරුණාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 76997 ප්‍රියංකර, 32834 බුද්ධික යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.


