― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවේ සංචාරය නොකරන්නැයි සිංගප්පූරුවෙන් රතු එළි

ලංකාවේ සංචාරය නොකරන්නැයි සිංගප්පූරුවෙන් රතු එළි

අත්‍යවශ්‍යම කටයුත්තකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරු අගමැතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සංචාරක උපදේශනයකදීය. මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින සිංගප්පූරු ජාතිකයන්ගෙන් අගමැතිවරයා ඉල්ලා සිටින්නේ විරෝධතා පැවැත්වෙන ස්ථානවලට සහ විශාල ලෙස ජනතාව රැඳී සිටින ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙසයි. හැකිතරම් ආරක්ෂාකාරී ලෙස රැඳී සිටින ලෙසද අගමැතිවරයා ඉල්ලයි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින සිය රටවැසියන්ගේ ආරක්ෂා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. සිංගප්පූරුවට අමතරව තවත් රටවල් රැසක පාලකයන්, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සිය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.