― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාදිනල් හිමිපාණන් සහ ස්වාමීන්වහන්සේලා රනිල් අගමැති කිරීමට විරුද්ධ වෙයි

කාදිනල් හිමිපාණන් සහ ස්වාමීන්වහන්සේලා රනිල් අගමැති කිරීමට විරුද්ධ වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ජනාධිපතිවරයා කිරීමට උත්සාහ කරන දෙයට වඩා වෙනස් දෙයක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා සහ පූජකවරුන් ඉල්ලා සිටි බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

මෙය රාජපක්ෂවරුන් බලයේ තබා ගැනීමට ගත් පියවරක් බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

ස්වාධීන අග්‍රාමාත්‍යවරයෙකු සහිත අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

මෙහිදී ඔවුන් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමේ යෝජනාව රටේ ජනතාවට අවශ්‍ය දෙයක් නොවන බවයි.

“මේ රටේ ජනතාවට අවශ්‍ය හොඳ සද්භාවයක් ඇති කෙනෙක් මිස පරාජය වී දේශපාලනයෙන් ඉවතට විසි වූ කෙනෙක් නොවන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

මෙය තවදුරටත් බලයේ සිටීම නාටකයක් බවට චෝදනා කළ ඔවුන් කියා සිටියේ වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පිළිනොගන්නා බවයි.

විපක්ශ නායකතුමාගේ ඉදිරිපත් වීමට ගරු කරන බවද සෝභිත හිමියන් මෙහි දි කියා සිටියා.