― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති මණ්ඩලය පත් කරන්නේ රනිල්.. මම ඒවට නෑ

ඇමති මණ්ඩලය පත් කරන්නේ රනිල්.. මම ඒවට නෑ

නව අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ පූර්ණ බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) හිටපු ඇමැති මණ්ඩලයට අමතමිනි.

ඇමැති ධුර ලැබුණත් නොලැබුණත් රට ගොඩනැංවීම සඳහා නව අගමැතිවරවයාට සහයෝගය ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා හිටපු ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ගෑස්, විදුලිය සහ ඉන්ධන ජනතාවට අඛණ්ඩව ලබාදීම සිය පළමු රාජකාරිය බව රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබේ.