― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද හරීන් හා මනූෂත් නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙයි?

අද හරීන් හා මනූෂත් නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙයි?

කැබිනට් අමාත්‍යවරු ලෙස සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාද අද (20) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව හරීන් ප‍්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද දිනයේදී දිවුරුම් දීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් අද දිනයේදී ජනාධිපති සහ අගමැති හැරුණුකොට, විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට රජය සූදානමින් සිටින බව සඳහන්ය.

අද දිනයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවත් වාර්තා වෙයි.