― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොවම බලා සිට ජොනී ඩෙප් – ඇම්බර් නඩුවෙන් ජොනී ජයගනියි

ලොවම බලා සිට ජොනී ඩෙප් – ඇම්බර් නඩුවෙන් ජොනී ජයගනියි

ජොනී ඩෙප් – ඇම්බර් හර්ඩ් නඩුව සමස්ත ලෝකයේම අවධානය දිනාගත් නඩුවක් බව නොඅනුමානයි. අද (02) එම ලෝකයක් බලා සිටි නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

හිටපු සැමියා වූ ජොනී ඩෙප් විසින් තමාව ගෘහස්ත හිංසනයට ලක්කළ බව පවසමින් ඇම්බර් හර්ඩ් ලිපියක් පළකර තිබූ අතර මෙම ලිපිය හරහා සිය කීර්ති නාමයට බරපතල හානි සිදුව ඇති බව පවසමින් ජොනී ඩෙප් විසින් සිය හිටපු බිරිඳට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

ඇමරිකාවේ වර්ජීනියාහි ෆෙයාර්ෆැක්ස් අධිකරණයකදී මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගත් අතර නඩුව ලොවපුරා සජීවීව විකාශය කළේය.

ගෘහස්ත හිංසනයට ලක්කළ බවට ඇම්බර් හර්ඩ් විසින් එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට ඇය අසමත් වූ අතර ඒ අනුව ජොනී ඩෙප්ට වාසි වන ආකාරයට නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ. ජොනීගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කර තිබේ.

මේ අතර හර්ඩ් ඉදිරිපත් කළ ප්‍රතිහිමිකම් තුනෙන් එකක් ජයග්‍රහණය කිරීමට ඇම්බර් හර්ඩ් සමත් වූ අතර ඒ අනුව ඇයට ඩොලර් මිලියන 02 ක වන්දි මුදලක් ගෙවීමට ජොනීට සිදු වේ.

58 හැවිරිදි ජොනී ඩෙප් සහ 36 හැවිරිදි ඇම්බර් හර්ඩ් අතර විවාහය 2017 වසරේදී දික්කසාදයකින් කෙළවර විය. සති හයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම නඩුව සජීවී ලෙස විකාශය කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතයේ පෞද්ලික තොරතුරු රැසක් ලොවටම හෙළිදරව් විය.

කෙසේ නමුත් හෙළිදරව් වූ කරුණු අනුව නඩුව පිළිබඳ අවධානයෙන් සිටි බොහෝ දෙනාගේ අප්‍රසාදය එල්ල වූයේ ඇම්බර් හර්ඩ් වෙතයි.