ආනයන සීමා කිරීම් හේතුවෙන් සහ පසුගිය දිනවල සිදුකරන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් ස්මාර්ට් ජංගම දුරකථනයක අවම මිල රුපියල් 80,000 – 90,000 සීමාව දක්වා වැඩිවනු ඇතැයි ජංගම දුරකථන අලෙවිකරුවන් පවසයි.
පසුගිය සමයේ රුපියල් 20,000ට පමණ පැවති ස්මාර්ට් ජංගම දුරකථනයක මිල මේ වනවිට රුපියල් 50,000 සීමාව ඉක්මවා ඇති බව ඔවුන් පවසයි. ජංගම දුරකථන උපාංගවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ වන විට ජංගම දුරකථන අලෙවිසල් බොහෝ ප්රමාණයක් වැසී ගොස් ඇති බව ඔවුන් පවසයි.