― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආර්ථික අවපාතය දරුණු වෙයි - 350,000කගේ රැකියා කොට උඩ

ආර්ථික අවපාතය දරුණු වෙයි – 350,000කගේ රැකියා කොට උඩ

රටේ පවතින ආර්ථික අර්බුදය, ඩොලර් හිඟය හා අමුද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ඇඟලුම්, විදුලි උපකරණ නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන, බේකරි ඇතුළු කර්මාන්ත ගණනාවක් මේ වන විට වැසී යාමේ අවදානමකට ලක්ව තිබේ.

පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය අපනයනය කිරීමට නොහැකි වීම නිසා කර්මාන්ත බොහෝමයක් වැසීයාමේ අවධානමකට ලක්ව ඇති බවත් ඇතැම් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 90%ක පමණ ප්‍රමාණයක් අපනයනය කිරීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පැවසුවාය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 51ක පමණ ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් දරනු ලබන අතර ඉන් සියයට 20ක් පමණ ඇගලුම් ක්ෂේත්‍රයෙන් සපයනු ලබයි. එමගින් බිලියන 1000කට අධික මුදලක් මෙරට ආර්ථිකයට සැපයේ.

නියමිත දිනට ජාත්‍යන්තර ඇනවුම් ලබාදීමට නොහැකිවීම හමුවේ මෙරටට ලැබෙන ඇඟළුම් ඇණවුම් පහත වැටීමෙන් එම කර්මාන්තශාලාද වැසීයාමේ අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රැකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් මතුව ඇත.