27.2 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයළි ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්

යළි ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්

ආණ්ඩුව යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානමින් සිටින බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අඟවයි.

ජුනි 24 වැනිදා සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බවත් එම මිල සංශෝධනයට අනුව පෙට්‍රල් මෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යනු ඇති බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අවධාරණය කළේය.

වර්තමානයේදී දැඩි ඉන්ධන හිඟයක් රටතුළ මතුව තිබෙන්නේ මිල ඉහළ දැමීමේ පෙර සූදානමක් ලෙස බවත් මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වන තෙක් ඉන්ධන බෙදාහැරීම විධිමත් නොවනු ඇති බවත් ආනන්ද පාලිත එහිදී ප්‍රකාශ කළේය.