― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ වැඩි රැකියා අවස්ථා

රුමේනියාවේ නව රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින රුමේනියා තානාපති Victor CHIUJDEA මහතා අතර හමුවක් විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රුමේනියාවේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර රුමේනියානු තානාපතිතුමා පැවසුවේ මේ වසර මුලදී රුමේනියාව විදේශ රැකියා ලක්ෂයක් සදහා විවෘත කර ඇති බවය. එම රැකියා අවස්ථා ලබාදීම සදහා රුමේනියා රජය මැදිහත් නොවන බවත්, එයට පුද්ගලික රැකියා නියෝජිත ආයතන මැදිහත් වන බවත් තානාපතිවරයා දැනුම් දුන්නේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සදහා රුමේනියාව රැකියා වෙළදපොල විවෘත කර ඇති බවද තානාපතිවරයා දැනුම් දුන්නේය.

එම රැකියා අවස්ථා වැඩියෙන් ලංකාවට ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා ඇමැතිවරයා, රුමේනියානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාගැනීම ගැනද මෙහිදී අවධානය යොමු කළේය.

රුමේනියානු රැකියා ලබාදීම සදහා මැදිහත්වන රුමේනියාවේ රැකියා නියෝජිත ආයතන සංගමය සමග සාකච්ඡා කර වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම ගැන මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු විය.

රුමේනියානු රැකියා සදහා පිටත් කර යැවීමේදී අය කරනු ලබන ගාස්තු සම්බන්ධයෙන්, ඇමැතිවරයා සහ තානාපතිවරයා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර එම ගාස්තු නියාමනය කිරීම සදහා වන වැඩපිළිවෙලක් සකස් කරන බවටද ඇමැතිවරයා සහතික විය. ඒ අතරම රුමේනියාවේ රැකියාව සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ මුවාවෙන් මිනිස් ජාවාරම්වල නිරත කණ්ඩායම්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවටද ඇමැතිවරයා සහතික විය

මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2500ක් පමණ රුමේනියාවේ රැකියාවල නිතර වන අතර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ස්ථිර කොන්සියුලරවරයෙක් පත් කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.