― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදින 32කදී රුපියල් 661කින් ඉන්ධන මිල වැඩි කරලා

දින 32කදී රුපියල් 661කින් ඉන්ධන මිල වැඩි කරලා

ඉන්ධන නොමැතිව ජනතාව දින ගණනාවක් දිගු පෝලිම්වල සිටින මොහොතක ඊයේ (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි ඕ සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.

ඒ අනුව දින 32 ක් තුළ මෙරට ඉන්ධන මිල රුපියල් 661කින් ඉහළ ගොස් තිබේ.

ඉකුත් මැයි මස 24 වනදා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් වරට ඉන්ධන මිල ඉහළ යාමක් සිදු කළ අතර ඒ අනුව දින 32ක කාලයක් තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 කින්ද මිල ඉහළ ගොස් තිබේ.

එම කාලය තුළදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 171කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 181 කින් ඉහළ දමනු ලැබීය. මේ අතර මෙම වසර ආරම්භ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177ක් ලෙසද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 207ක් ලෙස ද පැවතිණි.

වසර ආරම්භයේදී ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121ක් ලෙස පැවතුණු අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 159ක් ලෙස පැවතිණි. ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට අද (27) දක්වා අවස්ථා 04කදී ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

මෙලෙස ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථා 04 තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 293 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 343 කින්ද, ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 339 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 361 කින්ද ඉහළ ගොස් තිබේ.

එවන් පසුබිමක් තුළ ඊයේ අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන මිල යළි ඉහළ දමනු ලැබීය. එහි නව මිල රුපියල් 470ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 550කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 460කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 520කි.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.57ක් ලාභයක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68.61ක ලාභයක්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපයා ගනු ලබයි.

සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.27ක ලාභයක් තෙල් සංස්ථාවට හිමිවන අතර
ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක්ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 334ක්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලබන බව ඔවුන් ප්‍රකාශ කරයි.