― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබේ.

අද (07) භික්ෂුන් වහන්සේ හා සර්ව ආගමික පූජකවරුන් ඇතුළු එම සංවිධානවල සමාජිකයන් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සභාපති පුජ්‍ය උලපනනේ සුංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි සහ අදාළ විරෝධතාවයට සහභාගී වන තවත් පිරිසක් සඳහා එම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයින්ට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ඇතුළුවීම ඕල්කට් මාවත බෝධි රුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට හෝ පිටකොටුව පොලිස් වසමේ වෙනත් රැඳීසිටිමින් එහි ගමන් ගන්නා මහජනතාට, වාහනවලට සහ මාර්ගය දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් ගමන් කිරීමට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.