31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළඹට විශේෂ ආරක්ෂාවක් - විශේෂ කාර්ය බලකාය සීරුවෙන්

කොළඹට විශේෂ ආරක්ෂාවක් – විශේෂ කාර්ය බලකාය සීරුවෙන්

හෙට (08) සහ අනිද්දා (09) දෙදින තුළ කොළඹට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.

හෙට (08) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් විරෝධතා පා ගමනක් සහ අනිද්දා (09) පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මෙම විරෝධතාකරුවන් විහාරමහා දේවි උද්‍යානය අසළින් පා ගමන ආරම්භ කර, කොටුව ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමෙන් පසු උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය, අරලියගහ මන්දිරය, අගමැති නිවස හා පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් මහජන සාමය කළමනාකරණය කිරීම සඳහාත් විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතු බවට අණ දෙන නිලධාරියා විසින් විශේෂ කාර්‍ය බලකායට නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් විශාල ප්‍රමාණයක් අවශ්‍ය බැවින් කොළඹ ප්‍රදේශයේ කඳවුරු, ස්ථානයන්ට අනුයුක්තව රාජකාරි කරන සියලු ම නිලධාරින් හා නිවසේ සිට සේවයට වාර්තා කරන නිලධාරින්ද හදිසි අවස්ථාවකදී ඉහත රාජකාරි සඳහා කැඳවීමට තීරණය කර ඇත.

එම ලිපිය පහතින්,