31.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් පෝළිමකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගෑස් පෝළිමකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ පුවතක් කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අද (12) උදෑසන කොට්ටාව ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියේ සංවිධානය කර තිබූ ලිට්රෝ ගෑස් බෙදාදීමේ ස්ථානයකට තම පුතු සමඟ ගොස් ඇති බව සඳහන්.

එහිදී පෝලිමේ රැඳී සිටින අවස්ථාවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.