― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලුත් ජනපති වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම 19 වැනිදා

අලුත් ජනපති වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම 19 වැනිදා

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන 19 වනදා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව නව ජනාධිපති පත් කර ගැනීම සඳහාවන ඡන්ද විමසිම ලබන 20 වනදා පැවැත්වීමට ද එහිදි තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

හෙට (17) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරයා තීරණය කර ඇති අතර එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ලබන ආකාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

එය පහතින්,