― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතමා ගැන පරීක්ෂණයක් කරන්නැයි නිමල් සිරිපාල ඉල්ලයි

තමා ගැන පරීක්ෂණයක් කරන්නැයි නිමල් සිරිපාල ඉල්ලයි

තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් අද (21) ඉල්ලීමක් කළේය.

ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වූ අවස්ථාවේ ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසා දෙමින් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ‍ය.

ඇමතිකමක් ගන්නවට වඩා මට අවශ්‍ය මගේ නම පිරිසිදු කරගන්නැයි එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා පැවසීය.