23.9 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමන්කිපොක්ස් මෙරටට පැමිණීමේ අවදානමක්

මන්කිපොක්ස් මෙරටට පැමිණීමේ අවදානමක්

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි.

එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

මන්කිපොක්ස් වෛරසය කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුව මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කර තිබේ.

ලොව රටවල් 75කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ ය.