28.4 C
Colombo
Monday, May 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොල්දූව මංසන්ධියේදී සොරාගත් ගිනිඅවිය දියවන්නාවෙන් මතුවෙයි

පොල්දූව මංසන්ධියේදී සොරාගත් ගිනිඅවිය දියවන්නාවෙන් මතුවෙයි

පසුගිය 13 වැනිදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාව අතරතුර හමුදා නිලධාරියෙකුට පහර දී පිරිසක් විසින් සොරාගත් ටී 56 වර්ගයේ ගිනි අවිය මේ වනවිට සොයාගෙන ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

රාජගිරිය සමනල පාලම අසළ දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදාවේ කිමිඳුම් බලකායේ නිලධාරීන් විසින් එම ගිනි අවිය පසුගිය සෙනසුරාදා (23) සොයාගෙන තිබෙනවා.

ගිනි අවියට අමතරව ඒ අසළ තිබී හිස් පතොරම් ගැබක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.