― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශ

මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් දැඩි නිර්දේශ

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මුව ආවරණ පළඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනු ලබයි.

ඒ අනුව මහජනතාව ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

එය නීතියක් වශයෙන් පැනවීමක් සිදු නොකළද සියලු ජනතාව මුව අවරණ පැළඳීම මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය බව එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වනු ලබයි.

මේ දිනවල මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ මාස කිහිපයකට පසු මෙරටින් කොවිඩ් ආසාදිත මරණද වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.