― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බන්දුල කියයි

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බන්දුල කියයි

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඉන්ධන අඛණ්ඩව සැපයීම තහවුරු කිරීම සඳහා උපදේශක කමිටුවක් හා නිලධාරි කමිටුවක් පත් කෙරේ. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඉන්ධන ලබා ගැනීමේදී පීඩාවට පත්ව සිටින ජනතාවට QRර්‍ කේත වැඩසටහන මගින් ලබන මස පළමුවැනිදා සිට සහනයක් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය. ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමයක් වන QRර්‍ කේත ක්‍රමය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි. ලක්ෂ 40ක් ඒ සඳහා ලියාපදිංචි වී අවසන්ය.

ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන සැපයේ. ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ, පාසල් බස් රථ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ, ගිලන් රථ, කෘෂිකාර්මික උපකරණ සහ කර්මාන්ත සඳහා ඉන්ධන පිරවුම්හල්වලට අමතරව ලංගම ඩිපෝ 107 කින් ඉන්ධන සපයන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

ත්‍රිරෝද රථ කෘෂිකාර්මික යන්ත්‍ර සුත්‍ර ඒ ඒ පළාත්වල පොලිසි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලියාපදිංචි කර එම දත්ත ඉදිරි දින දෙක තුළ බලශක්ති අමාත්‍යංශයට ඉදිරිපත් කරන්නැයි බලශක්ති ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ඇමති මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවක් පළ කළ බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මාධ්‍ය හමුවේදී පැවසීය. දැනට පවතින පොහොර හිඟය සතියක් තුළ මුඵමනින්ම අවසන් වනු ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා ඇමති මණ්ඩල රැස්වීමේද සඳහන් කළේය.

මේ වසරේ යල කන්නය සඳහා වී මිලදී ගැනීමට අදාළ වැඩසටහන් කෘෂිකර්ම ඇමතිවරයා ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.