― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති මන්දිරයේ සිට වයිෆයි ඇමතුම් ගත් අය ගැන විමර්ශනයක්

ජනපති මන්දිරයේ සිට වයිෆයි ඇමතුම් ගත් අය ගැන විමර්ශනයක්

කොටුව ජනාධිපති මන්දිරයේ ඇති වයිෆයි භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් ලබාගත් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය 09 වැනිදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරයට අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් මෙලෙස ඇමතුම් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව පොලිසිය මේ වන විට අදාළ දුරකථන දත්ත අධ්‍යයනය කරමින් සිටින අතර මීට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඊට අලාභ හානි කළ පුද්ගලයන් 100කට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු සටහන් මේ වන විට හඳුනා ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.