― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශබන්දු ගැන පරීක්ෂණ අවසන්

දේශබන්දු ගැන පරීක්ෂණ අවසන්

අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේදී දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණයේ නඩුව කැඳවා තිබුණා.

එහිදී මැයි මස 09 වැනිදා ගාලු මුවදොර අරගළයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ ප්‍රගතිය අගෝස්තු මස 24 වැනිදා වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර සිටියා.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ දී දැනට ඉදිරිපත් වී ඇති කරුණු පමණක් ප්‍රමාණවත් නොවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා.

විමර්ශනයේදී අනාවරණය වන සමස්ත සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බව යි එහිදී පවසා තිබෙන්නේ. මහෙස්ත්‍රාත්වරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 03 වතාවක් උපදෙස් නිකුත් කර තිබෙන බවයි.