ලංකා පොහොර සමාගම විසින් සහනාධාර පොහොර තොග නිසි කළමණාකරණයෙන් තොරව බෙදාහැරීමට කටයුතු කිරීම නිසා රජයට රුපියල් පන්කෝටි තිස්අට ලක්ෂ දාහතරදහස් හයසියක පාඩුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
ජාතික විගණන කාර්යාලය විසින් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙන් මේ බව අනවරණය වී තිබේ.
2019 වර්ෂය තුළ රුපියල් හාර කෝටි විසිඅට ලක්ෂ අටදහස් දෙසියක් පමණ වටිනා පොහොර මෙට්‍රික්ටොන් 671.47ක් සහ 2020 වර්ෂය තුළ රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ විසිහයදහස් හාරසියයක් වටිනා සහනාධාර පොහොර මෙට්‍රික්ටොන් 225,44ක් ගොවීන් වෙත බෙදාහැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට මෙම අලාභය සිදු වී ඇති බව එම විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.