― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලිබල මණ්ඩලයට බෝනස් දීම අත්හිටුවයි

විදුලිබල මණ්ඩලයට බෝනස් දීම අත්හිටුවයි

විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ එසේ කළහොත් විදුලිබල මණ්ඩලය ආයතනයක් ලෙස කඩාවැටීමේ අවධානමක් ඇති බැවිනි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම තත්වය අවබෝධ කරනු ඇති බවත් එම තත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.