26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews14 හැවිරිදි සිසුවාට පාසලේදී දිවි අහිමි කළ සෙල්ලම

14 හැවිරිදි සිසුවාට පාසලේදී දිවි අහිමි කළ සෙල්ලම

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ඊයේ (09) දහවල් කාලයේදී හදිසි අනතුරකින් මිය ගොස් තිබේ.

මෙම පාසල් සිසුවා පාසල් විවේක කාලය තුළ සිසුන් කිහිප දෙනෙකු සමග පාසලේ යකඩ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී එයින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

සිද්ධියෙන් මිය ගිය දරුවා වයස අවුරුදු 14ක් වූ පහළ ඉදිබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.