27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලට සහන දිය යුතු අය ගැන රජයේ අවධානය

විදුලි බිලට සහන දිය යුතු අය ගැන රජයේ අවධානය

පාර්ලිමේන්තුව රැස්වන වෙලාවේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය. මේ අතර ඉහළ දැමූ විදුලි බිල සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.

එහිදී විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව ඇති බවයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ලබන 29 වැනිදා පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතයි.