― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

රට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

රැකියාවක් සඳහා විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන්ට කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලබන සඳුදා (22) සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්ටරයක් විවෘත කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ පවතින දැඩි තදබදය හේතුවෙන් නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසට දිනයක් සහ අංකයක් වෙන්කර ගැනීමට මාස දෙකකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව තිබෙන බවයි.

ඒ අනුව හදිසි විදෙස් ගමන් අපේක්ෂාවෙන් පසුවන ශ්‍රමිකයන් එමගින් බලවත් අපහසුතාවකට පත් වන බැවින් ආගමන හා විගමන පාලකවරයාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම විශේෂ කවුළුව විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කරනවා.

ඒ අනුව එළැඹෙන 22 වැනිදා සිට විශේෂ කවුළුව විවෘත කිරීමෙන් පසු කඩිනමින් නව ගුවන්ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැපයෙනු ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටියේ.

ඒ අනුව ශ්‍රමිකයන් සඳහා විදෙස්ගත වීමට අදාළ සියලු ලේඛණ ඉදිරිපත් කිරීමට මෙම කවුළුව හරහා අවස්ථාව ලැබෙන අතර පෞද්ගලිකව විදෙස්ගතවන්නන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලිපියක් සමග අනෙකුත් ලේඛන ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇති.