― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාසල් සිසුවෙක්ට අමුතු පාඩමක් ඉගැන්වූ විදුහල්පති අත්අඩංගුවට

පාසල් සිසුවෙක්ට අමුතු පාඩමක් ඉගැන්වූ විදුහල්පති අත්අඩංගුවට

විදුහල්පතිවරයෙකු පාසල් සිසුවෙකු අපයෝජනය කළැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලකයි.

මීට වසරකට පෙර සිදු කර ඇති මෙම අපයෝජන සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක දුරකතන අංකයට ලැබී ඇත්තේ ඉකුත් 12 වන දා ය.අධිකාරිය අදාළ පාසලට ගොස් කළ ආවේක්ෂණයකින් හා විමර්ශනයකින් පසු අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවුපියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන අදාළ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ බවත් අධිකරණයට කරුණු වාර්තා කර උසාවි නියෝගයක් මත අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඊයේ (අගෝ. 23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.