23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

ඇත්ගාල – තැඹිළිගල ප්‍රදේශයේදී නාවලපිටිය සිට මහනුවර දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 43 ක්වූ උලපනේ ප්‍රදේශයේ පදිංචි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයක්. දුම්රියේ ගැටුනු පුද්ගලයාගේ මෘත ශරීරය ගම්පොළ දුම්රිය ස්ථානයේදී හදිසි මරණ පරික්ෂකගේ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් තිබේ.

ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.