25 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි හිඟයෙන් බේකරි 2000ක් වැසෙයි

තිරිඟු පිටි හිඟයෙන් බේකරි 2000ක් වැසෙයි

තිරිඟු පිටි හිඟය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා බේකරි 2000කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති බව සමස්ත ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

රට පුරා ඇති බේකරි 7,000න් 2,000ක් පමණ මේ වනවිට වසා දමා ඇති අතර ඉතිරි බේකරි බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

තිරිඟු පිටි හිඟය හේතුවෙන් රුපියල් 13,000ට අලෙවි කෙරෙන කිලෝග්‍රෑම් 50 පිටි බෑගයක් කළු වෙළෙඳ පොළේ රුපියල් 20,000 දක්වා අලෙවි කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

වෙළෙඳපොළේ තිරිඟු පිටිවල පවතින දැඩි හිඟය හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබේ.