― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහයර් දුවන ත්‍රීවිල්වලට වැඩිපුර තෙල්

හයර් දුවන ත්‍රීවිල්වලට වැඩිපුර තෙල්

පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තීයමය ත්‍රිරෝද රථ රියදුරන් හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන ඉන්ධන සලාකය වැඩි කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී ඇමැතිවරයා එහි ආරම්භක වැඩපිළිවෙළක් ලෙස පසුගිය සති පහ පුරා, පොලිස් ස්ථාන මට්ටමින් සහ පළාත් පාලන මට්ටමින් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කළ බවත් කීවේය.

මේ වන විට කිව්.ආර්. ක්‍රමය ඔස්සේ ත්‍රිරෝද රථ දසලක්ෂ හතළිස් තුන් දහස් එකසිය දහසයක් ලියාපදිංචි වී තිබෙන බවත් ඒ අතුරින් ත්‍රිරෝද රථ නව ලක්ෂ තිස් නව දහස් හාරසිය හතළිස් හතක් පසුගිය සතිය තුළ ඉන්ධන ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.