25.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බලපත්‍රය ගැන අලුත් ආරංචියක්

ඉන්ධන බලපත්‍රය ගැන අලුත් ආරංචියක්

ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේදී මෙතෙක් නොතිබූ මෝටර් රථ නොවන කාණ්ඩ ලියාපදිංචි කිරීම අළුතින් එක්කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අද නිවේදනය කළේය.

විදුලි ජනක, තනකොළ කපන යන්ත්‍ර වැනි උපකරණ සඳහා මෙතෙක් ඉන්ධන ලබාගනීමට අපහසුතාවයක් පැවතුනත් මේ වන විට එම යන්ත්‍ර වලටද QR පහසුකම ලබාදී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ICTA ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට දැනුම් දෙන බවයි.