කොළඹ නෙළුම් කුළුණ ඊයේ (15) මහ ජනතාව සඳහා විවෘත කෙරුණා. ඒ අනුව එහි දිනක ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර් තා වන්නේ.
අද සිට දෙස් විදෙස් ජනතාවට නෙළුම් කුළුණේ අත්දැකීම් විඳගන්නට අවස්ථාව උදාවෙනවා. දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 113ක් වන අතර අඩි 1150ක් ඉහළ අහසට එසවුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ඊයේ සිට නිල වශයෙන් ආරම්භ වුණා.
ඊයේ පස්වරු 2ට නෙළුම් කුළුණ ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කෙරුණා. රුපියල් 500ක හෝ 2000ක වටිනාකමකින් යුත් ටිකට් පතක් මිලදී ගෙන ජනතාවට නෙළුම් කුළුණ නැරඹීමට අවස්ථාව හිමිවුණා. අදාළ ටිකට්පත් නෙළුම් කුළුණ පිවිසුමෙන් මිලදී ගත හැකි අතර විදේශිකයන් අමෙරිකානු ඩොලර් 20ක ටිකට් පතක් මිලදී ගත යුතුයි. සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත් සති අන්තයේ මධ්‍යහ්න 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නෙළුම් කුළුණ ජනතාවට විවෘතයි.