― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති ලබන සතියේ ටෝකියෝවට!

ජනපති ලබන සතියේ ටෝකියෝවට!

ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වනු ලබන දකුණු ආසියානු මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා මැනිලා නුවරට පිටත්ව යාමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපානය වෙත යාමට තීරණය කර ඇති බව EconomyNext වාර් තා කරයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට චීනය හා ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ට ආරාධනා කරන ලෙස ජපානයෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා එලෙස ජපානය බලා පිටත් වන බව EconomyNext දක්වා තිබේ.

කෙසේනමුත් ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරයට පෙර ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශක කණ්ඩායම වන ප්‍රංශයේ Lazard ආයතනය ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.