27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටින්ගේ දැඩි තීරණයත් සමඟ රුසියානුවන් රට හැර යයි

පුටින්ගේ දැඩි තීරණයත් සමඟ රුසියානුවන් රට හැර යයි

ජනාධිපති ව්ලැදිමීර් පුටින් ස්වෙච්ඡා හමුදා බල ඇණියක් කැඳවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු වැසියන් රට හැරයාමේ තත්ත්වයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

එරට වැසියන් දහස් ගණනක් මේ වන විටත් රුසියානු දේශසීමා ආසන්නයේ දිගු පෝලිම්වල රැඳී සිටින බවට තොරතුරු වාර් තා වෙයි.

ජර් මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් එලෙස රටින් පිටවන රුසියානු වැසියන් භාරගැනීමට කැමැත්ත පළ කර ඇති අතර චෙක් ජනරජය, ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව ප්‍රකාශ කර ඇත්තේ රුසියානුවන්ට රැකවරණය ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.

යුක්‍රේනය සමඟ හටගෙන ඇති යුද්ධයට මුහුණදීම සඳහා හමුදා අත්දැකීම් සහිත ස්වෙච්ඡා භටයින් ලක්ෂ තුනක් නැවත සේවයට කැඳවන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානුවන් බොහෝ පිරිසක් සිය මව්බිමෙන් පිටවීමට මෙලෙස තීරණය කර තිබේ.