නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ග ගැනීමට ජනාධිපති ලේකම් කාර් යාලය සලකා බලමින් සිටින බව වාර් තාවේ.
අනුරාධපුර පාර් ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරිට සහ කළුතර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවෙලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිමය ක්‍රියාමාර් ග ගැනීමට නියමිත බව වාර් තා වේ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීවරයා භාවිත කළ Toyota Land Cruiser රථය සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා භාවිත කළ Toyota hilux රථය අත්අඩංගුවට ගෙන ඇත.
අනෙකුත් පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ රජයේ වාහන ආපසු ලබාදී ඇති අතර එම පුද්ගලයන් දෙදෙනා ඒවා අඛණ්ඩව භාවිත කර ඇති බැවින් එම වාහන රාජසන්තක කර තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය වත්කම් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.