― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාන් රාත්තලක මිල රුපියල් 500 දක්වා වැඩි වන ලකුණු

පාන් රාත්තලක මිල රුපියල් 500 දක්වා වැඩි වන ලකුණු

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඔක්තෝම්බර් 01 වැනිදා සිට ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර් ධන පැවසීය.

නිෂ්පාදන බදු සහ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බව වාර් තා වේ.

නිෂ්පාදන බද්ද සියයට 8 සිට සියයට 15 දක්වා වැඩි කර ඇති බවත් නිෂ්පාදන, අලෙවි සහ බෙදාහැරීමේ කටයුතු සඳහා සියයට දෙකහමාරක සමාජ ආරක්ෂණ බද්දක් ගෙවිය යුතු බවත් ඔහු දැනුම් දුන්නා.

තිරිඟු පිටි මිටියක අවම මිල රුපියල් 21,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් තිරිඟු පිටි හිඟය හේතුවෙන් දිවයිනේ බොහෝ බේකරි වැසී ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

වෙළෙඳපොළේ පාන් රාත්තලක් රුපියල් 190 කි. මේ අතර සැන්විච් පාන් එකක් රුපියල් 250ත් 300ත් අතර මිලකට අලෙවි වේ. පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් පාන් අලෙවිය සියයට පනහකින් පමණ අඩුවී ඇති බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය අනුව පාන් රාත්තලක මිල රුපියල් 500 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.