සතොසේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හයක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව රුපියල් 430කට අලෙවි කළ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 395කටත්, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275කට සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 398කට අලෙවි කරනු ලබයි.
එසේම ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 174කට සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 220කට අලෙවි කෙරෙන අතර කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 650ක් වැනි මුදලකට අලෙවි කරනු ලබයි.