― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබාලවයස්කාර දැරියක් දූෂණය කළ සාරුවා සුනිල් නිදොස් කොට නිදහස්

බාලවයස්කාර දැරියක් දූෂණය කළ සාරුවා සුනිල් නිදොස් කොට නිදහස්

2012 වසරේදී බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියමව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් හෙවත් ‘සාරුවා සුනිල්’ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඔහු විසින් තමාට පනවා තිබෙන සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව අද (11) ලබාදෙමින්.

පී.කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු කළ කොළඹ මහාධිකරණය විසින් මොහුට 2020 වසරේ ජනවාරි මස 17 වනදා බරපතල වැඩ සහිතව වසර 15 ක සිර දඬුවමක් නියම කළා.

2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02 වැනිදාත් අතර කාලයේ අකුරැස් ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට අතවර කරන ලදැයි ඔහුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.